
Trouble viewing in Sinhala ? click English
දන්කන්දේ ධම්මරතන ස්වාමීන්
වහන්සේ පිළිබඳව තොරතුරු බිඳක්

කුඩා කල පටන්ම ගිහි ජීවිතයෙන් සමු ගෙන පැවිදි බිමට ඇතුල්
වීම ධම්මරතන හිමියන්ගේ එකම අභිලාශය විය. එහෙත් තම පියාණන්ගෙන් අවසර නො ලද හෙයින්
ගිහි ජීවිතයේ රැඳී සිටිමින්ම භාවනා ක්‍රම පුරුදු පුහුණු කිරීම ඔහු විසින් අරඹන
ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහල විධායක නිලයක් දරමින්ම ඊට සමගාමීව භාවනාව සඳහා
යොමු වුවත් ඒ සඳහා ලද කාලය මඳ වීම නිසාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට
ඔහුට නො හැකි විය.
තම පියාණන්ගේ අභාවයෙන් පසුව1983 වසරේදී ඔහු පැවිදි බිමට ඇතුල් වූයේ මේ ලද
මිනිස් ආත්ම භාවයේදීම නිවන සාත්ක්ෂාත් කර ගැනීමේ පරම පවිත්‍ර අභිලාශයෙන්ම ය.
1984 වසරේදී ධම්මරතන හිමියන් විසින් තම උපසම්පදාව ලබා ගන්නා ලද අතර ඉන්පසුව
නිරන්තරව හා ක්‍රමානුකූලව සමථ හා විදර්ශනා භාවනා ක්‍රම පුරුදු පුහුණු කරන
ලදී. නොයෙක් විවිධ ක්‍රම අත් හදා බලමින් වසර දහයකට ආසන්න කාලයක් උන් වහන්සේ තම
නිරන්තර උත්සාහයේ නිරත විය.
මෙසේ බොහෝ භාවනා අත්දැකීම් වලින් පරිපූර්ණ වූ පසු ත්‍රිපිටක හා සූත්‍ර පොත්
කියවීමට යොමු වූ උන්වහන්සේට තමා භාවනාවෙන් ලද අත්දකීම් සියල්ලක්ම පාහේ
මුලුමනින්ම බුදු වදනට අනුකූලව ගැලපී යන බව පසක් කොට ගත හැකි විය.
1993 වසරේ සිට අද දක්වාම ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් භාවනා පුහුණු පාඨමාලා
පවත්වමින් ගෙන යන අමිල මෙහෙවර බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වී ඇත. උන්
වහන්සේ විසින් ලබා දෙන ප්‍රායෝගික උපදෙස් නිවන අත් දැකීමට මෙන්ම ධ්‍යාන සුව ලබා
ගැනීම සඳහාද එක සේ උපකාරී වේ. තම පෞද්ගලික භාවනා අත්දැකීම් පදනම් කොට ගෙන
පවත්වනු ලබන ඉතා දුලබ ගණයේ ප්‍රායෝගික ධර්ම දේශනා ඒවා ශ්‍රවණය කරන
බුද්ධිමතුන්ගේ දහම් ඇස පුබුදුවාලීමටම සමත් වන්නේය.
මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර තුරදීම නිවන් අත් දැකීමට සමහර බුද්ධිමත්
සැදැහැවතුන්ට හැකි වීම මෙම ධර්ම දේශනා වල ඇති විශිෂ්ඨතාවයකි. උන්වහන්සේ විසින්
කරුණා පෙරදැරිවම දේශනා කොට ඇති අනර්ඝ දේශනා සහ භාවනා උපදෙස් රාශියක් මෙම වෙබ්
අඩවියෙහි අඩංගු වන අතර, මෙයින් බොහොමයක්ම මේ ආත්මයේදීම නිවන අත්දැකීමට උනන්දුවන යෝගාවචරයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශනාවන් වේ.
උන්වහන්සේ ගෙන් යම් ධර්ම කරුණක් පිළිබඳව විමසීමට හෝ භාවනා උපදෙස් ලබා ගැනීමට පහත සඳහන් ලිපිනයෙන් හෝ දුරකථන අංකයෙන් විමසිය හැකිය.
දුරකථන අංකය : +94602140837
ඊ මේල් ලිපිනය :
![]()