
Trouble viewing in Sinhala ? click English
මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් මේ දෙසුම් පරිපූර්ණ වී ඇත.
මෙහි සුදු පාට පසුබිමෙහි දක්වා ඇති දේශනා විශේෂ අනුපිළිවෙලකට අයත් නො මැති වුවත් විශේෂිත වර්ණ යටතේ දක්වා ඇති දේශනා ඒ අනුපිළිවෙලටම ශ්‍රවණය කිරීමෙන් මහඟු ප්‍රතිඵල ලබා ගත හැක. මෙම ධර්ම දේශනා එකතුව පිළිබඳව ඔබගේ හිතමිත්‍රාදීන්ට ද දන්වා යැවීමට කාරුණික වන්න. එමගින් ඔබත් මෙම ධර්ම දානමය කුශලයේ කොටස් කරුවකු වන්නේ ය.
මෙම වෙබ් අඩවියට පිවිසීම මඟින් ඔබට පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශිත මෙවැනිම තවත් ධර්ම දේශනා එකතුවකට සවන් දිය හැක.
මෙම දුර්ලභ හා විශිෂ්ඨ ධර්ම දේශනා ශ්‍රවණය කොට ඒවා පිලිපැදීමෙන් සසර මඟ කෙටි කර ගත් හා සැනසීම උදා කර ගත් පිරිස අතරට එක් වීම සඳහා ඔබට ද මෙය දහම් පඬුරක්ම වේවා !