දම්රුවන.org - නිවන සොයන යෝගාවචරයන් සදහා
පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ
ධර්ම දේශනා සහ ග්‍රන්ථ

වෙබ් අඩවි නිර්මාණකරුගේ පණිවිඩය

මෙම වෙබ් අඩවියෙහි පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතා වටිනා ධර්ම දේශනා රාශියක් අඩංගු වේ. නිවනට මඟ පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනා කරන අයට මහඟු අත්වැලක් වනු නො අනුමාන යි.

මෙහි අඩංගු සමහරක් දේශනා අප විසින් කැසට් පට වලින් පිටපත් කළ ඒවා වන අතර තවත් දේශනා ස්වාමීන්වහන්සේ සහ වෙනත් සැදැහැවතුන් විසින් පටිගත කල ඒවා වේ. යම් දේශනයක් නො ඇසේ නම් හෝ අප විසින් පෙළගස්වා ඇති අයුරු වැරදි යයි ඔබට හැඟේ නම් දේශන අංකය සහිතව අපට පණිවිඩයක් එවීමට කාරුණික වන්න.

මෙම වෙබ් අඩවිය වර්ෂ 2004 හි පමණ ආරම්භ කල ද, ධර්මය CD තැටි වලට පටිගත කොට මුදලට විකිණීමටත් ඇතැම් භික්ෂූන් විසින් මෙම දේශනා එලෙසින්ම නැවත උන්වහන්සේලාගේ අත්දැකීම් ලෙස නැවත ප්‍රකාශ කිරීමත් වූ හෙයින්, ශ්‍රාවකයන්ගේ යහපත සලකා ස්වාමින් වහන්සේ ගේ උපදෙස් මත මෙම වෙබ් අඩවිය වසා දැමුවෙමි. එහෙත් එම දේශනා දැනට විවිධ අය විසින් අන්තර්ජාලයේ විවිධ තැන්හි යොදාගෙන තිබෙනු දකින්නට ලැබෙන නිසාත්, ස්වාමින් වහන්සේ ජිවත්ව සිටින කාලය තුළදී මෙම වෙබ් අඩවිය නැවත ඇරඹීම ගැන උන්වහන්සේ ද එකඟතාවය පල කල හෙයින් වර්ෂ 2018 නොවැම්බර් මස සිට මෙම වෙබ් අඩවිය නැවත අරඹන ලදී.

සසර දුක් විඳිමින් යන මේ දිගු ගමන නිමා කොට සැනසීම උදා කර ගැනීම සඳහාම මෙම ධර්ම දේශනා ඔබට උපකාරී වේවා! තවත් ඔබ වැනිම වූ බොහෝ දෙනා සමඟ මේ දහම් කරුණු බෙදා හදා ගැනීමටම ඔබ සිත් කාරුණික වේවා !







ඛේතය ඇතුලත් කරන්න:



** ඔබ භාවිතා කරන්නේ සිංහල යතුරු පුවරුවක් නම් කරුණාකර Unicodes භාවිතා කරන්න